(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අවස්ථාව පුළුල්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගය ඉදිරියටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ ඇමරිකානු ජාතික දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජාත සේනාරත්න මහතා මෙසේද කීය.
”ඇමරිකා එක්සත් ජනපදයේ 243 වන ජාතික දිනය සැමරිම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගිවීමට මා ලැබූ අවස්ථාව ගෞරවයක් ලෙස සළකනවා. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇතුළු රජය ඇමරිකා එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට සුබ පතනවා.
අපේ‍්‍රල්් 21 දින එල්ල වු ප‍්‍රහාර මාලාවේ දී ඇමරිකා එක්සත් ජනපදය ඒකමතිකව සහ කඩිනම්ව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කටයුතු කළා. ප‍්‍රහාර මාලාව එල්ල වූ අවස්ථාවේ සිට අභියෝග නොතකා ලක් රජය ආගමික නිදහස, ජාතීන් අතර නිදහස සාමය ගොඩනැංවීම, ප‍්‍රතිසංස්කරණ ප‍්‍රජාතාන්ත‍්‍රිකව සිදු කරනවා.
1948 වසරේ සිට ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ආරම්භ වූණා. දෙරටම ජනවර්ග වලට ගරු කරමින් ප‍්‍රජාතන්ත්රවාදී ප‍්‍රතිපත්ති හා හරයන් අකුරට ඉටු කරනවා.
මෙම තත්ත්වය දෙරට අතර ජනතාව තුල සබදතා තර කිරිමට තවත් හේතුවක් වෙනවා. එම සබදතා ශක්තිමත් කරමින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවදුරටත් මිත‍්‍ර රාජ්‍යයක් ලෙස කටයුතු කරනවා.
2015 වසරේ දී නව රජයට බලයට පත්වීමෙන් පසු ද්විපාර්ශ්වීය සබදතා ඉහළ අගයක් ගනු ලැබුවා. පසුගිය මැයි මාසයේ දී වෝෂින්ටන් නුවර පැවැති ඇමරිකා- ශ්‍රී ලංකා සහයෝගිතා සම්මන්ත්රණයේ දී ද්විපාර්වීය සබදතා තවත් වැඩිදියුණු වුණා.
දේශපාලන, ආර්ථික හා ආරක්ෂක විෂයන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගය පවතින අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුළුල් වපසරියකට ගෙනයාම සදහා ඇමරිකාවෙන් ලැබෙන ආධාර ද අගය කරනවා.
පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදලක් ලබාදීම ගැනත් අපි අගය කරනවා. දෙරට අතර වෙළෙද සහ ආයෝජන අවස්ථා ඉහළ දැමිම තුලින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.
ඇමරිකානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා තිබෙනවා. එවැනි ආයෝජන අවසථා මගින් රැකියා අවස්ථා තවදුරටත් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. අපට හමුදා ආධාර ලබාදෙන ප‍්‍රධාන රටක් මෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය කරන ප‍්‍රධාන රටක් ලෙසත් ඇමරිකාව හදුනාගෙන තිබෙනවා” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයීනා බිටෙප්ලිට්ස් මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.