ඉස්සන් ආනයනයට කොන්දේසි


(මනෝජ් හර්ෂික)

ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනය කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (01) පැවැසීය.

ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය ඉස්සන් අස්වැන්න නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බවත්  මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එහිදී කීය.

ඒ අනුව ඉස්සගේ මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‍ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (01) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.