ඊ-වාහන ක්‍රමය දකුණට


ඊ-වාහන ආදායම් බලපත්‍ර සේවාව දකුණු  පළාතට ව්‍යාප්ත කිරීමට මූලික කටයුතු ආරමිභ කර ඇති ඇති බව ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජත ආයතනය කියයි.

මේ අනුව දකුණු පළාතේ වාහන හිමිකරුවන් හට තම වාහනයේ ආදායම් බලපත්‍රය තමන්ට ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ලබා ගැනීමේ පහසුකම හිමිවේ.

බස්නාහිර පළාතේ මෙම සේවාව පළමුවෙන් ආරම්භ කළ බවත් එයින් ලැබූ සාර්තකත්වය මත දකුණු පළාතේද ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජත ආයතනය කියයි.