උතුරට තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15 ක්


(බිඟුන් මේනක ගමගේ )

උතුරු පළාතේ තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථාන 15ක් පිහිටුවන්නේ යැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

දැනට මාසිකව තල් කෙඳි ටොන් 50 ක් ආනයනය කරන්නේ යැයි ද මෙම මධ්‍යස්ථාන මගින් එම ඉලක්කය සපුරාගත හැකි වනු ඇතැයි ද තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.

හේලීස් ආයතනය හා ගිවිසුම්ගතව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැන්වීමට නියමිතය.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා මෙහි මූලික පියවරක් වශයෙන් තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානයක් පසුගිය දා විවෘත කළේය.