උතුරේ මේ දිනවල දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ලැබුණු අලූත් දුම්රිය එන්ජින් 3 ක් පසුගියදා කොළඹ වරායට ළගාවිය. මේ දුම්රිය එන්ජින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලින් පසු උතුරේ ධාවනයට යෙදවීමට නියමිතය.
මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනුයේ ඉන්දීය ආධාර වලිනි.දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයතුද පැවැරී ඇත්තේ අයිකන් නම් ඉන්දීය සමාගමකටය.ලැබුණු දුම්රිය එන්ජින් 3 ට අමතරව තවත් දුම්රිය එන්ජින් 3 ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත ලබාදීමට නියමිත බව අයිකන් සමාගමේ ප්‍රධානී එස්.එල් ගුප්තා සදහන් කරයි.
යුධ සමයේදී උතුරුදිග දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය.දැනට දුම්රිය ධාවනය වන්නේ ඕමන්තෙයි හා මැදවච්චිය දක්වා පමණි.මැදවච්චියේ සිට තෙලෙමන්නාරම් ජැටිය දක්වාත්,ඕමන්තෙයි සිට කන්කසන්තුරේ දක්වාත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.මීට දුම්රිය පාලනයට නවතම සංඥා හා සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් සැළැසුම් කර ඇත.වැඩ අවසන් වූ පසු මාර්ගයේ පැයට කිලෝමිටර 120 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව ඇතැයි කියැවේ.මේ ව්‍යාපෘතිය මාර්ගයෙන් සෘජු රැකියා අවස්ථා 2000 ක් පමණද වක්‍ර රැකියා අවස්ථා 1000 ක් පමණද ඇතිවේයැයි අපේක්ෂිතය.