ඌබර් සමාගමට යුරෝ 400,000 ක දඩ මුදලක් නියමකරයි



ඌබර් සමාගමට යුරෝ 400,000 ක දඩ මුදලක් නියම කර ඇති බව  ප්‍රංශ දත්ත ආරක්ෂක අධිකාරිය පවසයි.
 
ලොව පුරා සිටින මිලියන 7ක පාරිභෝගිකයන්ගේ සහ රියදුරන්ගේ පෞද්ගලික දත්ත අනාවරණය කිරීම හේතුවෙන් මෙම දඩ මුදල් නියම කර ඇත.
 
මෙම සිදුවීම නිසා ඌබර් සමාගම මේ වන විට ලොව පුරා සිටින  පරිශීලකයන්ගේ උදහසට ලක් වී ඇති ආයතනයක් බවට පත්වී ඇත. 
 
ඌබර් සමාගම නඩු විභාගය නිසා සිදුවන අපකීර්තිය වැළැක්වීමට දැනටමත් ඩොලර් මිලියන 148 ක් ගෙවා ඇති බවත්  ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පොරොන්දුවී ඇති බවත් එක්සත් ජනපද බලධාරීහු කියති.
 
පසුගිය මාසයේ නෙදර්ලන්තය යුරෝ 600,000ක දඩ මුදලක් ඌබර් සමාගමට පනවා තිබූ අතර, බ්‍රිතාන්‍යද  මෙම සමාගමට පවුම් 385,000 ක දඩ මුදලක් නියම කර ඇත. 

 

(63226)