කච්චතිවු පැත්තේ මාළු බාන්න අවසර පතයි


ධීවර ගැටලූවට විසදුමක් වශයෙන් කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දියා ධීවරයින්ට මුදලට බලපත‍්‍ර ලබා දෙන්නැයි ඉන්දියාj  ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතාද බදාදා  නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා යෑමට නියමිත අතර අමාත්‍යවරයාගේ සංචාරයේදී මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇතැයිද මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ශී‍්‍රලංකා මුුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමේ යෙදුණු ඉන්දියා ධීවරයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගත්බව ශී‍්‍රලංකා නාවික හමුදාව ඊයේ (06)  නිවේදනය කළේය.

ගැටලූවට තුඩු දී ඇති කච්චතිව් දූපත 1974 දී එවක ඉන්දියා අගමැතිනී ඉන්දිරා ගාන්ධි ශී‍්‍රලංකාවට පවරා දුන්නකි.

එය නැවත ඉන්දියාවට පවරා ගත යුතුයැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා කියන්නීය.

ශී‍්‍රලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මැරීමට පැමිණ අත්අඩංගුවට පත්වන්නෝ බොහෝ දෙනාද තමිල්නාඩු ධීවරයෝය.