(ලලිත් නවරත්න)
මෙවර කජු අස්වැන්නෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ගොවිජනතාවගේ ආදායම සරුවී ඇතිබව එම ගොවීහු පවසති.
මෙම දිනවල අමුකජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 250 සිට 300 දක්වාත් වියළි කජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 340 සිට 400 දක්වාත් මිල ගණන්වලට අලෙවිවන බව කජු ව්‍යාපාරිකයෝ පවසති.
කජුමද කිලෝග‍්‍රෑම් එකක් මේ දිනවල රුපියල් 1800 සිට 2000 දක්වා මිල ගණන්වලට අලෙවිවන අතර කජු අස්වනු නොලැබෙන කාලවලදී කජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 2800 සිට 3000 දක්වා මිල ගණන් දක්වා ඉහළයන බව එම ව්‍යාපාරිකයෝ කියති.
පැවති උණුසුම් කාලගුණය අඩුවී යහපත් තත්වයකට පත්වූවානම් මෙම අස්වැන්න තවත් වැඩිවන බව ද ඔවුහු පවසති.