කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්‍යාපාර සමූහය සැරසේ.
කන්ටේනර 3 කින් සැදි නවීන පන්නයේ නිවසක් ඔවුන් දැනටමත් ඉදිකර ඇත.ලක්ෂ 20 ක් පමණ මුදලක් වැය කිරීමෙන් නිවසක් තනා ගැනීමට හැකි යැයි පර්ෂිප් ව්‍යාපාර සමූහය කියයි.
සාදාදෙනු ලබන නිවෙස් වල නවීන පන්නයේ උපාංග හා පහසුකම්,නළ ජලය,විදුලිය ආදී සියලූ දෑ අඩංගු වේ.
පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස තමන් නිවාස ඉදිකර දෙන බව පර්ෂිප් ව්‍යාපාර සමූහයේ වෙළද සංවර්ධන අංශයේ ප්‍රධානී සවන්ත ජයසිංහ මහතා කියයි.අතේ ඇති මුදලට ලබාගත හැකි ඉහළම පහසුකම් සහිත නිවසක් ඉදිකර දීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ඒ මහතා පවසයි.