(ඩි.ජී.සුගතපාල)
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවලට සංචාරකයින් නතරකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ගාලු දිසා වන නිලධාරි මොහාන් හිනටිගල මහතා පැවසීය.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් නිවාසවලට සංචාරකයින්ට නවාතැන්දීම සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදීම, නාන කාමර අලුත්වැඩියා කරදීම,ගෙවත්ත සකස් කිරීම ආදිය සිදුකර දෙන බව ඒ මහතා කීය.
ගෙවත්තේ වැවෙන එළවලු සහ පලතුරු ආහාරයට ගනිමින් වනාන්තරයේ ඇවිද ඇළදොළවලින් දිය නා ගෙවත්තේ නිදහසේ සිටින මෙම “හෝම් ස්ටේ“ ක්‍රමයට විදේශීය සංචාරකයින් බොහෝ කැමැත්තක් දක්වන බවත් ඒ නිසා දිවයින පුරා වනාන්තර ආශ්‍රීතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
දැනටමත් කන්නෙලිය ආශ්‍රිත නිවාස දහයකට මෙම පහසුකම් සපයා ඇති අතර මෙම වසර අවසානයට පෙර තවත් නිවාස හතරකට පහසුකම් සපයා දෙන බවත් මේ තුළින් ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවෙනවා මෙන්ම වන සංරක්ෂණයට ප්‍රජාවගේ දායකත්වය ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය.