(විනීතා එම් ගමගේ)
කාන්තාවන් රාත්‍රි සේවයේ යෙදවීමේ අවසර පත්‍රය ලබා ගැනීම සඳහා වන අයදුම්පත කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි යැයි එම දෙපාර්තමේන්තුව කියයි.
සංචරණ සීමාවන් පවත්වන කාලසීමාව තුළ මෙම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ වෙඞ් අඩවිය ඔස්සේ පමණක් යැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ලංකාදීපයට අද (05) පැවසීය.
දිවයින පුරා කාර්මික ව්‍යාපාරයන්හි සේවිකාවන් රාත්‍රි සේවයේ යෙදවීමේ දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර එය මාස හයකට වරක් යාවත් කාලින කළ යුතුය.
කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිස අදාල අයදුම්පත ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කරන්නැයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සේවායෝජකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර සැප්තැම්බර් පළමුවැනිදායින් පසු කල් ඉකුත් වීමට නියමිත සියලුම රාත්‍රී සේවා අනුමැතින් හි වලංගු කාලය මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.