කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය පැකේජයක්


 

(රංජන් කස්තුරි)

බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවාගත නොහැකි තත්වයේ පසුවන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සහන පැකේජයක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව එම ව්‍යාපාරිකයින්ට මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ණය වාරික නොගෙවා සිටීමට සහනයක් හිමිවන අතර ණය ගෙවීම සඳහා එය වසරේ සිට ඉදිරියට කාලය හිමිවේ.

මීට අමතරව ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දිනට අක්‍රීයව පවතින ණය වෙනුවෙන් දඩ හා පොලී මුදල් කපා දැමීමටත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග නොගැනීමටත් රජය තීරණය කර තිබේ.