(මොහොමඩ් ආසික්)
කුළුබඩුවල ගුණාත්මක භාවය පරීක්ෂා කර තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා ’මිනි ලැබ්’ නමින් කුඩා විද්‍යාගාර 90ක් දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙනතිබේ.
කුළුබඩුවල මිල නිරන්තරයෙන් පහළයාම වළක්වා ඒ සඳහා සාධාරණ මිලක් ගොවියාට ලබාදීමට මෙමඟින් කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂක ජනක ලින්දරමහතා පවසයි.
වර්තමානයේ දේශීය කුළුබඩු නිෂ්පාදනවලින් 90%ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ගෙවතු ආශ්‍රිත සුළු ගොවියන් විසින් වන අතර එම නිෂ්පාදනවල ගුණාත්මක භාවයේ යම් යම් අඩුපාඩු පවතින බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා වෙළෙඳපොළ මිල තීරණය කිරීමේ ප්‍රධානතම සාධකය වන්නේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය බවද පෙන්වා දෙයි.
මෙලෙස කුළුබඩුවල ගුණාත්මක තත්ත්වය අඩුවීමෙන් වැඩිආදායමක් ලබා ගත හැකි යුරෝපා වෙළඳපළ අවස්ථා අහිමිවීමද සිදු වේ. එසේම නිෂ්පාදනය කරනකුළුබඩු අලෙවි කිරීමට යාමේදී ගොවියාට සාධාරණ මිලක් නොලැබෙන අතර ගැනුම්කරුවන්හටද ඉහළප්‍රමිතියෙන් යුත් කුළුබඩු සපයා ගැනීම ගැටළුවක් වී තිබේ.
පුද්ගලික අංශය සතුව මෙම විද්‍යාගාර පහසුකම්පැවතුණද කුළුබඩුවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඉහළ මිලක් අය කරයි. එය සුළු ගොවියන්ට හා සුළුව්‍යාපාරිකයන්ට දැරිය හැකි නොවේ. මෙම ගැටළු සඳහා මූලික විසඳුමක් ලෙස දිවයිනපුරා මෙම මිනිලැබ් පිහිටුවන බව අධ්‍යක්ෂක ලින්දර මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.
දිවයින පුරා මේ වන විට මිනිලැබ් 90 ක් පිහිටුවා ඇති බවත් තත්ව පරීක්ෂා කිරීමට පුහුණු නිලධාරීන් මේ සඳහායොදවා තිබෙන බවත් මෙහිදී අදාල ගොවියන්ගේ කුළුබඩු සාම්පලපරීක්ෂාවට ලක් කරන බවත් අධ්‍යක්ෂ ලින්දර මහතා කීය.
ගම්මිරිස් , කරාබු , එනසාල් , කෝපි ඇතුළු කුළුබඩු බෝග සඳහා මේ අයුරින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුකෙරේ. වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශතය හා පළිබෝධ හානි ආදිය පිළිබඳ පරික්ෂාවට ලක්කර සහතිකයක් නිකුත් කිරීම මෙහිදී සිදු කරයි.
ඒ අනුව කුළුබඩු අංක 1, 2, 3 ආදී ලෙස ශ්‍රේණි ගත කරනු ලබයි.කුළුබඩුවල පවත්නා අඩුපාඩු පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමද ගුණාත්මක කුළුබඩු සපයන ගොවීන්ට වැඩි මිලක්ගෙවන ගැනුම්කරුවන් සම්බන්ධ කර දීමද මීට අමතරව සිදු වේ. මෙම සියලු සේවා නොමිලේ ලබාදෙන බවද ජනක ලින්දර මහතා වැඩි දුරටත් පැවසීය.