ටොයෝටා ජෙනුවින් වාහන අමතර කොටස් අලෙවියේ නියුතු ෆායාස් මහතාගේ එන්.ආර්.එස්. මෝටර්ස් පංචිකාවත්තේ 214B යන ස්ථානයේ පිහිටා තිබේ. මෙම වෙළෙඳ සැල මෝටර් රථ අමතර කොටස් මිලදී ගන්නා සැමටම හුරුපුරුදු ස්ථානයකි. දැනට මෙම ව්‍යාපාරය ෆයාස් මහතා ගොඩනංවා අවුරුදු 25ක් ගතවී තිබේ. ඒ කාලය තුළ ඔහු මේ ක්ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් ප්‍රමාණය අතිවිශාලය. මේ දවස්වල බිස්නස් කොසේදැයි අපි මොහොමඩ් ෆයාස් මහතාගෙන් විමසුවෙමු.
Q: මේ දවස්වල කොහොමද බිස්නස්?
මේ දවස්වල කියලා විශේෂයක් නැහැ. දෙයියන්ගේ පිහිටෙන් අපට අවශ්‍ය බිස්නස් එක වෙනවා. එදිනෙදා අවශ්‍ය ආකාරයට බිස්නස් එක යනවා. එක දවසක් බිස්නස් එක අඩු වුණොත් අනිත් දවසේ ඒක සම්පූර්ණ වෙන්නත් එක්ක වාසි බිස්නස් එකක් ලැබෙනවා. සමහර දවස්වල උදේට අඩු වුණොත් හැන්දෑවට හරි ඒක සම්පූර්ණ වෙනවා. මම ව්‍යාපාර පටන් ගත්තු මුල් කාලයට වඩා වර්ධනය වීමක් තමයි වුණේ.
Q: බිස්නස් වැඩිවෙන්න හේතුව මොකක්ද?
ඇත්තටම කියනවා නම් මම බොරු නැතුව කාටවත් වංචා කරන්නේ නැතුව බිස්නස් එක හරියට කළා. එහෙම වුණොත් දෙයියෝ වුණත් අපි දිහා බලනවා. මගේ සාර්ථකත්වය එතන. මම වැඩ කරන අයට කියන්නේ හොර බොරු තැතුව වැඩ කරන්න කියලා. මං ඒ අයට කියන්නේ මගේ දිහා බලලා හැදෙන්න කියලා. ඉස්සර මං ළඟ සේවකයෝ හතර දෙනෙක් හිටියා. දැන් සේවකයෝ දෙන්නෙක් ඉන්නවා.
අමිල චින්තක ගමගේ
ඡායාරූපය: ඉසුරු පෙරේරා