කොළඹ - යාපනය සුපිරි මඟට චීන ආධාර


කොළඹ සිට යාපනය දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයක් සදහා වන ගිවිසුමකට ශී‍්‍රලංකා රජය හා චීන රජය පසුගියදා එළැඹිණි.

ගිවිසුමට අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට චීන රජය මුදල් ආධාර සපයනු ඇත.ගිවිසුම ඇතිවූයේ ශී‍්‍රලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරය අතරතුරදීය.මිට අමතරව කොළඹ - නුවර - කුරුණෑගල නගරයන් සම්බන්ධ කරමින් අධිවේගී මාරගයක් සැළැසුම් කිරීමටත් එය ඉදිකිරීමේදී සහය ලබාදීමටත් චීන රජය කැමැත්ත පළ කර තිබේ.චීන රජයේ සහය ඇතිව දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය මාතර සිට කතරගම දක්වාම දිගු කිරීමටත් සැළැසුම් කෙරුණි.

ජනපතිවරයා සමග සංචාරයට එක්ව සිටි විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා හා චීන ආයෝජකයන් හා සමාගම් නියෝජිතයන් අතර හමුවක්ද බීජිං නුවරදී පැවැත්විණි.එහිදී අමාත්‍යවරයා ශී‍්‍රලංකාවේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීමද සිදු කළේය.