(සනත් ගමගේ)
කොළඹ වරායට අනුබද්ධ නැව් තටාංගනයේ (ඩොක්යාඩ්) ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සයුරුපාය ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ දී මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම කොළඹ ඩොක් යාඩ් සමාගමමේ සභාපති එච්. ටනල්කා සහ කළමණාකරණ අධ්‍යක්ෂ ඩී.වී අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
නැව් අලුත් වැඩියා කිරිම සඳහා හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ පවතින පහසුකම් හේතුවෙන් ඉදිරියේ දී හම්බන්තොට ප්‍රදේශයටම රැකියා අවස්ථා 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව කලමණාකරන අධ්‍යක්ෂ අබේසිංහ මහතා කීය. පුහුණු පාසලක් මගින් පුහුණු වීම් සිදුකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
ඩොක්යාඩ් සමාගමේ සභාපති එච්.ටනල්කා මහතාද මෙහිදී අදහස් දැක්වූයේය. හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
කොළඹ නැව් තටාකාංගනයේ ශාඛාවක් හම්බන්තොට වරායේ විවෘත කෙරේ
Recommended Articles