ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත 2024 වසරේ දී සුවිශේෂී කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. පසුගිය වසරේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක පර්යන්ත සහ සෙසු පර්යන්ත සමස්තයක් ලෙස අඩි 20 බහලුම් ((Twenty-foot Equivalent Units -TEUs) මිලියන 7.78 ක් හසුරුවා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් පර්යන්තවල සිදුකෙරමින් පවතින ඉදිකිරීම් කටයුතු මධ්‍යයේ වුවද TEU බහලුම් මිලියන 2.41 ක් හසුරුවා ඇතිබව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කරයි.
මීට අමතර SAGT පර්යන්තය TEU බහලුම් මිලියන 2 ක් හා CICT පර්යන්තය බහලුම් මිලියන 3.35 ක් පසුගිය වසරේදී හසුරුවා තිබේ.