කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ඉංග්‍රිසි භාෂා කුසලතාවය ඉහළ නැංවීමේ අරමුණින් මොහාන් ලාල් ග්‍රේරු පදනම මගින් පාසල් දරුවන් 25,000ක් සඳහා නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීමට සැරැසේ.
පළමු වන ශ්‍රේණියේ සිට අ.පො.ස (සා/පෙළ) දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ යටතේ පාසල් විෂයය මාලාවට සමගාමීව ඉංග්‍රිසී භාෂාවේ මූලිකාංග, ව්‍යාකරණ, නිවැරදි භාෂා භාවිතය මෙන්ම කථනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 68 ක් පිහිටුවා ඇති අතර වසර දහයක් පුරා මේ පාඨමාලාව පවත්වයි.
නොමිලේ පවත්වන මෙම ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන සඳහා තම දරුවන් ඇතුලත් කිරීමට අපේක්‍ෂා කරන දෙමාපියන්ට තම නම, ලිපිනය ලියූ මුද්දර කවරයක් "පාසල් ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහන", මොහාන් ලාල් ග්‍රේරු පදනම, අංක 18, පීටර්ස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට එලබෙන ජනවාරි මස 30වන දිනට ප්‍රථම යොමු කළ යුතු අතර පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් කොට්ඨාශ භාර නිලධාරීන් අමතා වැඩි විස්තර ලබා ගත හැක.
හෝමාගම - 0712307023,රත්මලාන සහ මොරටුව - 0775903636,මහරගම - 0779038510,උතුරු කොළඹ - 0773335062
කොළොන්නාව සහ බොරැල්ල - 0775082572,කඩුවෙල - 0716183760,කැස්බෑව සහ කෝට්ටේ - 0772660963,අවිස්සාවේල්ල - 0716480881,මැද කොළඹ - 0721027666