ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ‍්‍රී ලංකා සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ සැනකෙලි ලොතරැයි දිනුම් ඇදීමෙන් මෙවර ජයග‍්‍රාහකයා වෙමින් මයික්‍රෝ පැන්ඩා මෝටර් රථයක් හිමිකරගත්තේ ගම්පහ අනුර විජේරත්න මහතා විසිනි.
සෙසු ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වූයේ ඉන්දීවරී රත්නායක(කඩවත), පී.එස්.එල් අමරසිංහ(ගාල්ල), දිලිප් රත්නායක(කුරුණෑගල), එම්.ඞී.ඒ පෙරේරා(නුගේගොඩ), සමිත් ඉෂාර(මීගමුව), එම්.එම් රිෆාන්ස්(උකුවෙල) , ආර්.එම් ශ‍්‍රියාලතා(අනුරාධපුර), කේ.ඞී චන්දන(කඩවත), සරත්(මහරගම), පී.කේ ඉන්දික(ජා ඇල) මහත්ම මහත්මීන්ය.
මෙම ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා අගල් 40 එල්.සී.ඞී රූපවාහිණී යන්ත‍්‍ර, රෙදි සෝදන යන්ත‍්‍ර, ශීතකරන සහ ලැප් ටොප් පරිගනක ප‍්‍රදානය කිරීමද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේදී සිදුකෙරිණි.
.මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ‍්‍රී ලංකා සමාගමේ සභාපති ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, මයිකෝ හෝල්ඩින්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී ශ‍්‍රී ලාල් අමරසිංහ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී උදේනි ආරියරත්න යන මහත්වරුන් ඇතුළු තීරු බදු රහිත සාප්පු හිමියන් ගුවන්තොටුපොළ ප‍්‍රධානීන්හු සහභාගී වූහ.