ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී සියයට 40ක-සියයට 25 ක විශේෂ වට්ටම්


ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ  නිල වෙබ් වන  www. srilankan. com යන වෙබ් අඩවිය මඟින් සෘජුවම  ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය වෙනුවෙන්  40%  ක්  සහ පිරිමැසුම් පන්තිය වෙනුවෙන්  25% ක දීමනාවක් ලබා දීමට කටයුතු යොදා තිබේ. 

මෙම දීමනාව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com මගින් පමණක් ඔක්තෝබර් මස 7 වැනිදා  සිට ඔක්තෝබර් මස 11 වැනිදා   තෙක් ලබා ගත හැකිය. 

ගුවන්  ප්‍රවේශ  පත්‍ර  වෙන්කරවා  ගන්නා  පාරිභෝගිකයින්ට  2019 නොවැම්බර් මස 01  දා  සිට නොවැම්බර් මස 30 වැනිදා  අතර කාලයේ    ඕනෑම වේලාවක ලොව පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලැබෙයි.

දකුණු ආසියාව, ඈත පෙරදිග, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල්  22 ක ගමනාන්ත  37 ක්  මෙම  දීමනාව  සමඟ ,  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෘජු මාර්ග ජාලයට අයත්  ගුවන් ගමන් සඳහා වලංගු වන  වන බව  ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

ඊට අමතරව මෙම පහසුකම අත්විඳින සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ නවීන ගුවන් යානා සමඟ ගමන් කළ හැකි අතර එහි ව්‍යාපාරික පන්තියේ සුවපහසු නිදන ආසන සහ ලෝකයේ උසස්ම සේවාව ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් විනෝදාස්වාදය ලබා ගැනීමේ පහසුකමද  හිමිවනු ඇත. 

ගනුදෙනුකරුවන්ට උපකාර කිරීම සඳහා පැය 24 පුරා www.srilankan.com වෙබ් අඩිවිය  ක්‍රියාත්මක වන  අතර එමගින් ගුවන් ප්‍රවේශ පත් වෙන්කරවා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා සුවිශේෂී ගාස්තු, ඇතුළු තවත් ප්‍රතිලාභ ගණනාවක් හිමි කර ගැනීමට අවස්ථාව සැලසේ.  

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  වර්තමානයේ   රටවල්  48 ගමනාන්ත  111 ක්  සඳහා සිය ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යයි. වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකමද ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවනු ඇත.

ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස ගුවන් සමාගම  සම්මාන ලබා තිබේ.

ආසියානු  සහ ඕස්ට්‍රේලියානු  ලෝක සංචාරක සම්මාන උළෙලේ දීත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස  ශ්‍රී ලන්කන් ගුවන් සේවය  සම්මාන ලබා ඇත.