චීන ණයට පොළී අනුපාතයක් සඳහන් කර නැහැ - හිටපු මහ බැංකු අධිපති


චීන සංවර්ධන බැංකුවෙන් පසුගිය සතියේදී මෙරටට ලැබුණු ණය මුදලට අදාළ පොළී අනුපාත නිශ්චිතව සඳහන් කර නැතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
ඉකුත් බදාදා සිට අද  දක්වා කාලයේදී ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,100කින් වැඩි වී ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
‘‘විදේශ විනිම නිශ්චිත කාලසීමාවක ණයක්  හරහා, චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 ක ණය මුදලක් 2018 ඔක්තෝබර් 17 වැනිදා රජයට ලබාගන්නට හැකි වූ බව මහ බැංකුව ඉතා ආඩම්බරයෙන් නිවේදනයක් නිකුත් කළේය. එම ණය සඳහා පොලි අනුපාතය නිශ්චිතව සඳහන් නොකර තිබූ අතර, එම අනුපාතය දන්වා තිබුනේ ඇමෙරිකානු ඩොලර් ලන්ඩන් අන්තර් බැංකු අනුපාතය   මාස 6 අනුපාතයට  ”සම්බන්ධ”   බව පමණකි.
 
          එම ප‍්‍රකාශනයේම මහ බැංකුව තවදුරටත් කියා සිටියේ විදේශ විනිමය එලෙස රට තුළට ගලා ඒම නිසා, රටේ නිල විදේශ සංචිත ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 කින් වැඩි වූ බවය.
         
මෙකී ප‍්‍රකාශනය කිරීමට මූලික හේතුව, ආයෝජකයන් අතර විශ්වාසය ගොඩ නැංවීම හරහා රුපියලේ අගය රැුක ගැනීම යයි නිගමනයක් කළ හැකි වුවද, ඔක්තෝබර් 17 වැනිදා මෙම නිවේදනයෙන් පසුව, එදින උදෑසන පැවති ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ රුපියල අගය වූ 172.28,ඔක්තෝබර් 22 වැනි දා (අද) වන විට 173.38 දක්වා රු.1.10 කීන් අවප‍්‍රමාණය  වී ඇත. මෙයින් පෙනී යන්නේ, රජය ගෙන ඇති මෙම විදේශීය ණය වන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000 සඳහා පමණක්, පසුගිය බදාදා සිට අද දක්වා දින 5 තුළ, ණය පියවීමට ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,100 කින් වැඩි වී ඇති බවය.
         
රුපියල දරුණු ලෙස කඩා වැටෙමින් පවතින මෙවැනි කාලයකදී, ශ‍්‍රී ලංකා ආර්ථිකය මෙලෙස ප‍්‍රපාතයකට හෙළන මෙවැනි තීරණ සඳහා වග කියන්නේ කවුරුන්ද ?’’

055