ලබන මැයි මස 6 සිට 9 දක්වා දිනයන්හීදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක තරුණ සමුළුව සදහා රටවල් 103 ක් තමන්ගේ සහභාගීත්වය ස්ථීර කර ඇතැයි තරුණ කටයුතු අමාත්‍යංශය කියයි.
සමළුවට පැමිනීමට නියමිතව සිටින්නන් අතර එම රටවල මැති ඇමතිවරුන් හා පාර්ලිමෙන්තු සභිකයින්,හා එම රටවල් නියෝජනය කරන්නාවූ හා එම රටවල කි්‍රයාත්මක විවිධ සමිති සමාගම් නියෝජනය කරන්නාවූ තරුණ නියෝජිතයින් 300 කට අධික ප්‍රමාණයක් වන බව සදහන්ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ සභාපති ජෝන් විලියම් ඈෂ් හා එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තැන යටතේ වන තරුණ කටයුතු සම්බන්ධ නියෝජිත ධූරය හොබවන අහමඩ් අල්හෙන්ඩාවි ඇතුලූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීහු රැසක් සමුළුවට සහභාගී වනු ඇත.
සමුළුවෙන් 1500 ක පමණ දෙනා එකට ඒකරාශී කිරීමට අපේක්ෂා කෙරෙන බවත් ඔවුන් අතරින් 350 පමණ දෙනා විවිධ සමාජ පසුබිම්හි සිට පැමිණෙන්නවුන් වනු ඇති බවත් තරුණ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙනිසා මෙවර තරුණ සමුළුවෙන් එක් සමාජ පසුබිමකට පමණක් සීමා නොවී විවිධ සමාජ පසුබිම්ද ඇතුළත් වන පරිදි සමස්ථ තරුණ පරම්පරාවම නියෝජනය වනු ඇතැයි අමාත්‍යංශය කියයි.