විශේෂිත සම්මාන 51ක්
ජනාධිපති අපනයන සම්මාන උළෙල, 26 වැනි වරටත්, ලබන පෙබරවාරි 7 සිකුරාදා පැවැත්වීමට නියමිතය. ඒ, 2023/24 මූල්‍ය වර්ෂය තුළ කාර්ය සාධනය අගයමිනි. සමස්ත සම්මාන 14 කින් සහ ක්ෂේත්‍රයට විශේෂිත වූ සම්මාන 51 කින් සමන්විත ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවෙයි.
ජාතික ආර්ථික අරමුණු සඳහා වූ කාර්ය සාධනය සහ දායකත්වය මත කුසලතා සම්මාන පිරි නැමීම සිදු කෙරන බව විජේසිංහ මහතා පැවසීය. වඩාත්ම නව්‍ය භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට සම්මාන පිරි නැමෙනු ඇත.
ආදායමට අමතරව, වෙළඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන වර්ධනය, අගය එකතු කිරීම, තිරසාරත්වය, ආයතනික සමාජ වගකීම් සහ අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම වැනි අංශ සලකා බලනු ඇති බව ද පැවැසෙයි.