ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් තැන්පතු පොළියේ වෙනසක් නෑ


(රංජන් කස්තුරි)

වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන 15%ක ස්ථාවර තැන්පතු පොලී අනුපාතයේ කිසිදු වෙනසක් කර නැතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව වයස අවුරුදු 65 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 15%ක විශේෂ පොලී අනුපාතය 2015 වසරේ මාර්තු 13 වැනි දින සිට කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පවසයි.
 
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම වසරකට රුපියල් ලක්ෂ 15 දක්වා රදවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇති බවද මුදල් අමාත්‍යංශය කියයි.
 
වාණිජ බැංකු ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාත අඩුකර ඇත්තේ වයස අවුරුදු 65ට අඩු අනෙකුත් තැන්පත්කරුවන්ගේ ඉතුරුම් සඳහා පමණි.