ඩයලොග් ආසිආටා පීඑල්සී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලධර්ම ^WEPs& ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටී. එම මුලධර්ම සඳහා අත්සන් තබන පාර්ශවයක් ලෙසින්, ඩයලොග් විසින් අනුගමනය කරන DEI මූලධර්මවලටද (විවිධත්වය, සමානාත්මතාව, සහ අන්තර්කරණය) අනුකුලව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කරන, විවිධත්වයෙන් හා අන්තර්කරණයෙන් යුතු රැකියා පරිසරයක් පවත්වාගෙන යාම සඳහා සිය සමාගමේ කැපවීම යළිත් තහවුරු කරන බව එම සමාගම කියයි.
රැකියා ස්ථානය තුළ මෙන්ම, වෙළෙඳ පොළ සහ ප්‍රජාව තුළ කාන්තාවන් සඳහා අවස්ථා නිර්මාණය කිරීමට ඩයලොග් අඛණ්ඩව උත්සාහ දරන අතරම, එම ප්‍රයත්න සමග මෙම මූලධර්ම ආරක්ෂා කිරීමේ සන්ධිස්ථානයට එළඹෙන ඩයලොග්, කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලධර්ම ^WEPs& හතට අනුකූලව, සමාගමේ කටයුතු මෙහෙයවනු ලබයි. ඒ අනුව, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සාධාරණව සැලකීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය, ආරක්ෂාව මෙන්ම, වෘත්තීය සංවර්ධනය සඳහා වැඩි වැඩියෙන් කටයුතු කිරීමට ඩයලොග් හි අවධානය යොමු වී තිබේ. එමගින් ක්‍රියාවට නංවන ප්‍රජා වැඩසටහන්, උපදේශන වැඩසටහන් ආදිය හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කටයුතු කරන ඩයලොග්, සමාගමේ අලෙවිකරණය හා සැපයුම් ජාලයෙන්ද කාන්තාවන් සවිබල ගැන්වීමට කටයුතු කරයි.
ඩයලොග් විසින් ආයතනයේ කළමනාකාරණ තනතුරුවල රැකියා කරන කාන්තාවන් බල ගැන්වීම, උපදේශන වැඩසටහන් දියත් කිරීම සේම, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාම “යෙහෙළි” වැනි වැඩසටහන් දියත් කිරීම මේ වන විටත් සිදුකරන අතර, ඒවාට අමතරව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සුරක්ෂිත කිරීමට ප්‍රජා වැඩසටහන්ද ක්‍රියාවට නංවයි. ආයතනය තුළ අන්තර්කරණය, විවිධත්වය හා සමානාත්මතාව ආරක්ෂා කිරීමට සඳහා නායකත්වය මගින්ද කටයුතු කරන අතර, සමාගමේ සෑම අංශයක් තුළම එවැනි ගුණාංග පවත්වාගෙන යාම සඳහා පැහැදිලි ඉලක්ක හා වැඩසටහන් දියත් කරනු ලබයි.
ආයතනික පරිසරය තුළ හිරිහැරවලට එරෙහි වීමේ සහ කාර්ය මණ්ඩලයට වෙනස් කොට නොසැලකීමේ ප්‍රතිපත්ති මෙන්ම විවිධත්වය හා අන්තර්කරණය ආදී ප්‍රතිපත්ති පවත්වාගෙන යන අතරම වැඩ කිරිමට පහසු වේලාවන් ආදියෙන් කාන්තාවන්ට සහයෝගය දක්වයි. එමෙන්ම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සිය ආයතනික කාර්ය මණ්ඩලයට පමණක් නොව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්ට, පාරිභෝගිකයන්ට, බාහිර පාර්ශ්වකරුවන්ට පුහුණුවද ඩයලොග් විසින් ලබා දෙයි. එපමණකින් නොනැවතී, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයවල ප්‍රගතිය සම්බන්ධයෙන් වන වාර්තාද ප්‍රසිද්ධියට පත්කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙසේ සඳහන් කළේය. ‘‘එක්සත් ජාතීන්ගේ කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලධර්මවලට මෙලෙස අත්සන් කිරීමෙන්, කාන්තාවන්ට නායකත්වය හිමිවන, නව්‍යකරණය සහ දියුණුව සඳහා සවිබල ගන්වන සේවා ස්ථානයක් ගොඩනැංවීමට අප තුළ පවතින කැපවීම තවත් ශක්තිමත් කෙරෙනවා. මෙම පියවර, ඩයලොග් ආයතනය තුළ සහ ප්‍රජාව තුළ, සම්මතයන්ට අභියෝගයක් කරමින් සැමට සමාන අවස්ථා උදාවන බවට සහතික වෙමින් කටයුතු කිරීමේ ඩයලොග් ප්‍රයත්නයට අනුව සකස් වූවක්.”
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඵලදායී ප්‍රගතියක් කරා මෙහෙය වීම, සමාජ මතවාදවලට අභියෝග කිරීම මෙන්ම, අන්තර්කරණයෙන් යුත් අනාගතයක් ගොඩනැගීම යනාදිය අරමුණු කරමින් ඩයලොග්, WEP මූලධර්ම ක්‍රියාවට නැංවිම සඳහා අත්සන් තබන පාර්ශවයක් බවට පත් වෙයි. සමාජ වගකීම් පෙරදැරි පුරෝගාමී ආයතනයක් ලෙස ඩයලොග්, අඛණ්ඩව කටයුතු කරන්නේ සමානාත්මතාව සහ අන්තර්කරණය කරා සමස්ත ශ්‍රී ලංකාව මෙහෙයවීම උදෙසාය.