ඩොලරය ඉහළ යාමෙන් වාහන ගණන් යයි


( නිමල කොඩිතුවක්කු)

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ඇතුලු අනිකුත් විදේශිය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් වෙළඳ පොළේ වාහන මිල ගණන් සතියකදී සියයට පහක අගයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.

ඇමරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටර්න් පවුම් ආදී මුදල් ඒකක වල අගයද ඉහළ යාමෙන් වාහන මිල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 34කට පැවැති  සුසුකි  වැගන් අර් මෝටර් රථයක් රුපියල් ලකෂ 36 දක්වාත්, රුපියල් ලක්ෂ 69ක්ව පැවැති ටොයටා ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් හැත්තෑදෙලක්ෂ පනස්දහසක් දක්වාත්, රුපියල් ලක්ෂ 80ක පැවැති ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 84 දක්වාත් මිල ඉහළ ගොස් තිබේ.  

ජපන්, බි්‍රතාන්‍යය ඇතුලු  සෙසු වාහන වල මිල ගණන්ද මෙයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා සදහන් කළේය.

විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදි වාහන මිල තවත් වැඩිවිය හැකි බවද රන්ජන් පීරිස් මහතා සදහන් කළේය.

මේ හේතුවෙන් රට තුළ පවතින තොග ඉක්මනින් මිලදී ගැනීට කටයුතු කරන ලෙසද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.