(හර්ෂණ තුෂාර සිල්වා)
ලබන වසරේ සිට ණය තොරතුරු කාර්යාංශයට නව ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ණය තොරතුරු කාර්යාංශය සම්බන්ධයෙන් විශාල සැලකිල්ලක් තිබෙන බවත් එම නිසා ඊට නව්‍යතාවක් එක් කිරීමේ අරමුණින් ගණනය කිරීමේ පද්ධතියක් හඳුන්වාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (29) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කරුණාරත්න මහතා එම අදහස් පළ කළේය.
එහිදි ඔහු මෙසේ ද කීය.
“ජනවාරි මාසයේ සිට ණය තොරතුරු කාර්යාංශය ගණනය කිරීමේ පද්ධතියක් මගින් වාර්තා කිරීම් කරනවා. එය ණය තොරතුරු කාර්යාංශයේ එක් අංගයක් පමණයි. එහිදි 250ත් 800ත් අතර ගණනය කිරීම් කරනවා. 250 යනු අවදානම් වැඩි අගය වන අතර අවදානම අඩු බව 800න් කියැවෙනවා. ඒ අනුව ණය දෙන ආයතනවලට ඉතා හොඳ තීරණ ගැනීම සඳහා අවස්ථාව සලසනවා”.