තෝරාගත් රටවල් කිහිපයක සංචාරකයන්ට ගුවන් තොටුපළේදීම විසා


(අජන්ත කුමාර අගලකඩ)

තායිලන්තය සිංගප්පූරුව යුරෝපා සංගමය සහ ජපානය යන රටවල් වලින්  ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරටට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මාස 6ක කාලයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

තායිලන්තයෙන් එන  සංචාරකයින්ට මෙරට ගුවන් තොටුපළේදීම විසා නිකුත් කළ යුතු බවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු මෙය තායිලන්ත සංචාරකයින්ට පමණක් නොව සිංගප්පූරුව ,ජපානය සහ යුරෝපා සංගමය යන රටවලටද දිය යුතු බව පවසා ඇත.

ඒ අනුව මෙම රටවල් වල සංචාරකයින් සඳහා මාස 6ක කාලයක් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස යටතේ ගුවන් තොටුපළේදී විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.