(රංජන් කස්තුරි)
ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා ප්‍රතිසංවිධානය කිරිමට පියවර ගන්නැයි එම සමාගමේ සේවක පියවර ගන්නැයි එම සමාගමේ සේවක සංගමය ශ්‍රිලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.
ද ෆිනෑන්ස් සේවක සංගමය ඒ සඳහා වන යෝජනාවලියක් ද මහබැංකුවට ඉදිරිපත් කළ බව සංගමයේ ලේකම් ශානක සිල්වා මහතා කීය.
ඒ අනුව ද ෆිනෑන්ස් සමාගම නව ආයෝජකයින් කැඳවීම, රුපියල් බිලියන 12 ක සහනදායී ණය මුදලක් ලබාදි නව ආයෝජකයින්ට සමාගමේ කොටස් වලින් 90% ක ප්‍රතිශතියක් ලබාදිම ආදී යෝජනා ඊට ඇතුළත් බවද ඔහු කිය.
මෙලෙස කරන මුලික ආයෝජනයෙන් වසර පහකට පසුව සමාගම කොටස් වෙළඳපොළ හරහා 15% ක සංශෝධිත නව කොටස් නිකුතුවක් සිදුකිරිම, වසර පහක සහන කාලයකට පසුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලින් ලබාදුන් ණය මුදල් වසර 10 ක් ඇතුළත සාමාජිකයන් හරහා ගෙවා නිම කිරිම ආදී යෝජනා ද සේවක සංගමයේ යෝජනාවලියට ඇතුළත් කළ බවද ලේකම්වරයා කීය.
සමාගමට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කළ යුතු අතර එම අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත විය ආකාරයත් සඳහන් කළ බවද ශානක සිල්වා මහතා පැවසිය.