දකුණු කොරියාවෙන් ලංකාවට මිලියන 6 ක ප්‍රදානයක්


ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවල අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 6ක මුදලක් ප්‍රදානයක් ලබා දීමට දකුණු කොරියාව තීරණය කර ඇත. 
 
දකුණු කොරියානු රජය වෙනුවෙන්  ‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (කොයිකා)’ මෙරට දකුණු කොරියානු තානාපති කාර්යාලය ඔස්සේ එම ප්‍රදානය ලබා දේ. 
 
‘කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (කොයිකා)’ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ ලී දොන් කූ, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.රුවන්චන්ද්‍ර සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්වරු ඒ සඳහා අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.
 
දකුණු කොරියාවෙන් ලැබෙන මෙම ප්‍රදානය ඔස්සේ මෙරට කෘෂි නිෂ්පාදනවල අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අතර ශාක නිරෝධායන සේවය නවීකරණය කිරීම එහ ප්‍රධාන අරමුණ වී තිබේ.  
 
ගුණාත්මකභාවයෙන් ඉහළ අපනයන ගුණාත්මකභාවයෙන් ඉහළ  විශේෂයෙන්ම එළවළු සහ පලතුරු අපනයන වෙළෙඳපොළට යැවීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. 
 
 
055