දකුණේ කකුළුවන් කිලෝවක් රු. 4000යි


(සුමතිපාල දීයගහගේ)
 

කකුළුවන් සඳහා මේ දිනවල ඉහළ මිලක් පවතින බව දකුණේ ධීවර කාර්මිකයෝ පවසති.
 
මේ අනුව හොඳට වැඩුණු කකුළුවන් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 3,500 සිට 4000 දක්වා ඉහළ මිලකට අලෙවි කළ හැකි බවද ඔවුහු පවසති.
 
මෙම කකුළුවන් වෙනත් රටවලට අපනයන කරන නිසා මේ තත්වය උදාවී තිබේ.
 
මේ අතර කොග්ගල කලපුවේ කකුළුවන් මිලදී ගැනීම සඳහා සමාගම් කිහිපයක් දැනටමත් ඉදිරිපත්ව සිටියි. කොග්ගල කලපුවට අයත් දූවමලලගම තොටුපොළේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන කීපයක් ම පිහිටුවා ඇති බවද ධීවරයෝ කියති.
 
දකුණේ කකුළුවන් සඳහා සංචාරක හෝටල්වලින්ද ඉහළ ඉල්ලුමක් ඇති බව වාර්තාවේ.