දියවැඩියාව පාලනය කිරීමේ පානයක්



(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ස්වාභාවික ඖෂධ ඇසුරෙන් දියවැඩියාව පාලනය කිරීමේ පානයක් ලෙස නිෂ්පාදනය කරන ලද පානයක් තේ නිෂ්පාදනයන් ලෙසින් වෙළඳපොළට නිකුත් කරන ලදි.

දැනට වෙළෙඳපොළේ පවතින ප්‍රකට සමාගමක් සමගින් එක්ව මෙම නවතම තේ නිෂ්පාදනය  වෙළෙඳපොලට නිකුත් කර තිබේ. මෙම නිෂ්පාදනය අද 4 වැනිදා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දී නිල වශයෙන් එළිදැක්විණ.