දිවයින පුරා ශීතාගාර 100ක්


(නිමල කොඩිතුවක්කු)
 
එළවළු සහ  පලතුරු කල් තබා ගැනීමට යොදාගැනෙන ශීතාගාර 100ක් රටපුරා ඉදිකිරීමට පියවර ගන්නා ලෙස  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
 
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අනුරාධපුර නාච්චිදූව ඉදිකෙරුණු ආහාර  බෝග කල්තබාගැනීමේ  ශීතාගාරය විවෘත කිරීමෙන් පසුවය.
 
කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ආහාර කල්තබාගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දඹුල්ලේ ස්ථාපිත කර තිබෙන ශීතාගාරයෙන් ලැබෙන ප‍්‍රයෝජනය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට මේ වනවිටත් කරුණු දක්වා ඇත.
 
පලතුරු සහ එළවළු  කල් තබා ගැනීමේ මීළඟ ශීතාගාරය බණ්ඩාරවෙල නගරයේ ආරම්භ කිරීමට නියමිතය.
 
දිවයින පුරා පිහිටුවීමට යෝජිත ශීතාගාර  වැඩි ප‍්‍රමාණයක් ඉන්දීය  ආධාර යටතේ ඉදිකිරීමට අපේක්ෂිතය.