(ශිරාන් රණසිංහ)
ඩිජිටල් කාඩ්පත් මගින් දුරගමන් පෞද්ගලික බස්රථවල ආසන වෙන්කර ගැනීමේ පහසුකම මෙරට මගීන්ට ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙහි මුල් පියවර යටතේ දුර ගමන් පෞද්ගලික බස්රථවල ආසන අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත හැකි ලෙස ‘ඔන්ලයින් බුකින්’ ව්‍යාපෘතිය අරඹා තිබේ.
ඒ යටතේ www.ntcbooking.lk වෙබ් අඩවිය ඔස්සේ දුරගමන් බස්රථවල ආසන වෙන්කිරීමේ පහසුකම මෙරට මගීන්ට උදා කර දී ඇත.
මේ සඳහා ගමන් ගාස්තුවලට අමතරව රුපියල් 30ක මුදලක් අය කෙරේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම පහසුකම මගීන්ට ලබා දී ඇත.
මෙම නව වෙබ් අඩවිය හරහා කොළඹ සිට කතරගම, යාපනය, බදුල්ල, අම්පාර, දෙනියාය, පස්සර, ලුණුවිල, අකුරැස්ස, තිරුක්කෝවිල්, මඩකලපුව, පේදුරුතුඩුව, මඩොල්සිම, අනුරාධපුර, ඩයගම, ත්‍රිකුණාමලය ඇතුළු මාර්ග 35ක දුරගමන් බස්රථවලට මෙම පහසුකම හිමිකර දී තිබේ.