නවීන පන්නයේ තේ කම්හලක් මුල්ලේරියාවේ විවෘත කරයි


(ඩයනා උදයංගනී)
      
අන්තර්ජාතික ප‍්‍රමිතියෙන්, නවීන තාක්‍ෂණයෙන් හා නව යන්ත‍්‍ර සූත‍්‍ර සහිතව මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම මගින් මුල්ලේරියාව, අඹතලේ මාර්ගයේ අංක 286 ඩී, දරණ ස්ථානයේ ඉදිකළ තේ කර්මාන්ත ශාලා සංකීර්ණය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් අද (29) විවෘත කෙරිණි.

මෙරට ඉදිකෙරුණු නවීනතම තාක්‍ෂණයෙන් යුතු තේ කර්මාන්තශාලාව ලෙස සැලකෙන මෙය පරිගණක ගත කළ වර්ග අඩි 65,000ක් වන නවීන ගබඩා සංකීර්ණයකින්, නව්‍යතාවයෙන් යුතු කාර්යා, සංකීර්ණයකින්, තේ සැකසීම, ඇසුරුම් කිරීම ආදිය සඳහා නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ආදියෙන් මෙන්ම සේවක සේවිකාවන් ස`දහා සෞඛ්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් රැසකින් සමන්විතය.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමින් තේ කුඩු ඇසුරුම් කරදීමේ කටයුතු ද මෙම නව කර්මාන්තශාලාව ඔස්සේ සිදුකිරීමට මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම පියවර ගෙන ඇත.

එම සමාගමේ අනු ආයතනයක් වන යුරෝ ඒෂියා තේ සන්නාමය දේශීය හා විදේශීස සම්මාන ගණනාවක් ලබාගනිමින් මෙරට තේ අපනයන ක්‍ෂ්ත‍්‍රයට නව වටිනාකම් එක්කර ඇත.