නාඋල අඹ විශේෂයකට දිලීරයකින් බැට


(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කර ඇති ‘ටොම් ඇන් ඊජේසී’ (TomEJC) අඹ විශේෂයේ පැළ වගාවන්හි දිලීර රෝගයක් හටගෙන ඇතැයි ගොවීහු කියති.
 
උසින් අඩි දෙකත් - තුනත් අතර වන, දහස් ගණනක අඹ පැළවල දලු මේ හේතුවෙන් පිළිස්සී ගොස් ඇති බව ඔවුහු කියති.
 
මාස කිහිපයකට ඉහත දී නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් රැසක ‘ටොම් ඇන් ඊජේසි’ නම් අඹ විශේෂයට අයත් පැළ වගා කර  තිබිණි. දිලීර රෝගය හේතුවෙන් නාඋල වගාබිම් රැසකට හානි සිදුවී ඇත.
 
වැසි තත්ත්වය සමඟ මෙම දිලීර තත්ත්වය හටගෙන ඇති බවද, වෙළඳපොළේ පවතින දිලීර නාශක දියර මීට පිළියම් වශයෙන් භාවිත කිරීම වඩාත් සුදුසු බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.