යොහාන් භාසුර
මෙරට නිෂ්පාදන සහ සේවා අංශයේ ප්‍රධාන දර්ශකයක් වන ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ අංශ දෙකෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මස වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
නිෂ්පාදන අංශයේ තව දුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාද අංශයේ ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ දෙසැම්බර් මස 57.2 ක දර්ශක අගයක් වාර්තා කළ බව මහ බැංකුව සඳහන් කළේය.
සේවා අංශයේ ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ හෙවත් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය දෙසැම්බර් මස දර්ශකාංක 71.1 ක් ලෙස ප්‍රදර්ශනය කරමින් සේවා ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
උත්සව සමයේ විශේෂ ආහාර පාන සහ නිෂ්පාදන අංශයේ නිෂ්පාදන ඇණවුම් වැඩිවීම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකය දෙසැම්බර් මාසයේ තව දුරටත් ඉහළ ගිය බවත්, ශීත සෘතුවේ දීර්ඝ නිවාඩු පැවතීම හේතුවෙන් ප්‍රධාන ඇඟලුම් අපනයන ගමනාත්තවලින් ලැබෙන ඇණවුම් පහත වැටීමෙන් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංහයේ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක මාසය තුළදී පහළ ගිය බවත් මහ බැංකුව සඳහන් කරයි.
ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මෙම ඉහළ යෑම සඳහා බොහෝ අංශවල වූ වර්ධනයට හේතු වූ බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව, දෙසැම්බර් සමයේ පැවැති උත්සව කාලය මෙන්ම එම කාලය තුළ ඉහළ සංචාරක පැමිණීමක් වාර්තා වීම බලපෑ බව ද මහ බැංකුව සඳහන් කරයි.
තොග සහ සිල්ල වෙළෙදාමට සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ වර්ධනය ප්‍රදර්ශනය කිරීම ද සේවා අංශයේ වර්ධයට හේතු වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පැවසයි.