නිසි මිලක් නොමැතිකමින් ගෝවා වගාකරුවෝ කබලෙන් ලිපට


(ඉන්දික අරුණ කුමාර)
 
ගෝවා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිකමින් නාඋල ප්‍රදේශයේ තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි නාඋල ගෝවා වගකාරුවෝ පවසති.
 
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා කිලෝවක තොග මිල රුපියල් 30 ක් පමණ වන බව බව කී ඔවුහු මෙම මිල තත්ත්වයේ අවමවීම හේතුවෙන් විශාල මුදලක් වැයකර වගාබිම් කිහිපයක සාර්ථකව වගාකර ඇති ගෝවා අස්වැන්නෙන් තමාට ආර්ථික වාසියක් නොලැබෙන බව ඔවුහු කියති.
 
අස්වනු නෙළීමේ තත්ත්වයේ පවතින බොහෝ ගෝවා වගාකරුවන්ගේ අස්වනු මේ වන තෙක් නෙළා අවසන් කර නැත්තේ නිසි මිලක් නොමැතිකමින් බව ගෝවා වගාකරුවකු වන ඩී. එම්. සීලරත්න මහතා කියා සිටියේය. 
 
බීජ, කෘෂි රසායන මෙන්ම පොහොර සඳහා වැය කළ මුදල හෝ සිය වගාව අලෙවියෙන් ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ගෝවා වගාකරුවෝ වැඩිදුරටත් පවසති.