(දසුන් රාජපක්ෂ)
රුපියල් මිලියන 1000ක වටිනාකමින් යුතු, ධීවර යාත්‍රා සහ ආම්පන්න නිපදවීමේ ව්‍යාපෘතියක් නෝර්වේ රාජ්‍යය සහ යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනගාරය එක්ව ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.
නෝර්වේජියානු ආයෝජකයන් පිරිසක් සහ සී-නෝර් ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී පැමිණි එකඟතාවයකට අනුව, යාපනය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (18) සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වෙත ලබා දීමට නෝර්වේජියානු ආයෝජකයන් කැමැත්ත පළ කළ බව ද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පැවසීය.
මේ සමඟම තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් රටට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් බෝට්ටු හා අනෙකුත් ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය වැඩි දියුණු කිරීම සිය අපේක්ෂාව යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.