පර්පෙචුවල් ට්‍රේෂරීස් ව්‍යාපාර තහනම තවත් මාස හයකට දීර්ඝ කෙරේ


 


භානුක අමරසිංහ


ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ක්‍රියාත්මක පර්පෙචුවවල් ​ෙට්‍රෂරීස් සමාගම මගින් සිදුකරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකට දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 ජනවාරි 05 වැනිදා දින ප.ව. 4.30 සිට 2025 ජූලි 06 පස්වරු 4.30 දක්වා බලපැවැත්වෙන පරිදි තවත් මාස හයක කාලයක් සඳහා මෙම තහනම දීර්ඝ කෙරී තිබේ.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පවසයි.