විදුලි ගාස්තු ඉහළ යෑම නිසා පාන්,බනිස් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යෑමට නියමිත යැයි පැතිරෙන කටකතා වල කිසිදු සත්‍යතාවක් නැතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියයි.
සංගමයේ ප‍්‍රධානී එන්.කේ.ජයවර්ධන මහතා ප‍්‍රකාශ කර සිටින්නේ එවන් තීරණයක් මෙතෙක් තම සංගමය විසින් ගෙන නොමැති බවයි.බේකරි ආශ‍්‍රිත නිශ්පාදන වල මිල වැඩි කිරීමට සිදුවනු ඇත්තේ තිරිගු පිටි මිල ඉහළ ගියහොත් පමණක් යැයිද ඔහු පවසයි.
මිල ඉහළ යන්නේ නම් ඒ බව සිය සංගමය විසින් දැනුම්දෙනු ඇති බව ඔහු කියා සිටී.