සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී යළිත් වරක් වසා දැමීමට සිදුවනු ඇතැයි බලධරයෝ කියති.
මීට හේතුව වී ඇත්තේ මෑතකදී ඕමානයෙන් ආනයනය කැරුණු ඛනිජ තෙල් යොදාගෙන පිරිපහදු කළ ඉන්ධන වල තත්ත්වය බාල වීමයි.විශේෂයෙන් ශී‍්‍රලංකාවේ බහුතර වාහන වලට ඔක්ටේන් අංකය 90 හෝ 95 අගයේ පෙට‍්‍රල් යොදාන නමුත් මෙවර පිරිපහදුවෙන් ලැබී ඇත්තේ ඔක්ටේන් අංකය 88 ක් වන පෙට‍්‍රල්ය.ඒවා ශී‍්‍රලංකාවේ ධාවනය වන වාහන වලට සුදුසු නැතැයි කියති.
මෙනිසා මෙටි‍්‍රක් ටොන් 3500 ක පමණ ඉන්ධන තොගයක් වෙළදපොළට නිකුත් කළ නොහැකිව ගබඩා කර ඇති බව සදහන්වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිර්මාණය කර ඇත්තේ ඉරානයෙන් ආනයනය කෙරෙන ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.අන් රටවල ඛනිජ තෙල් ඊට නොගැලපෙන බව බළධාරීන් පවසයි.ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක නිසා එරටින් ඛනිජ තෙල් ආනයනය කිරීමද සිදුකළ නොහැක.මේ හේතු නිසා
පිරිපහදුවේ පිරිපහදු හැකියාව දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 200 දක්වා පහත බැස ඇත.