පුංචි කර්මාන්තයට අතහිත


සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරය සැරසේ.

මේ සදහා වන කැබිනට් පත‍්‍රිකාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණි.ජපානයේ අන්තර්ජාතික සබඳතා සදහා වන ජපන් බැංකුව හා ශී‍්‍ර ලංකා රජය අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුමකට අනුව ශ‍්‍රීලංකාවට ලැබීමට නියමිත ණයක් මෙසේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

ඔවුනට අවශ්‍ය ණය පහසුකම් සැළැසීම මෙහි අරමුණයි.