පෝලන්තයේ ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ යානයක් හෙට ලංකාවට


පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරමින් ලොට් පෝලිෂ්ගුවන් සේවයටඅයත් යානයක් හෙට (04) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතය.

ශීත සෘතුවත් සමඟ ආරම්භ වන සංචාරක සමයේ දී ලොට් පෝලිෂ් ගුවන් සේවය ලබන වසරේ මාර්තු දක්වා සතියකට සෘජු ගුවන් වාර තුනක් වොර්සෝ සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කරන අතර ශ්‍රී ලංකාවට අද පැමිණෙන යානයත් සමඟ ‘ලොට් පෝලිෂ්’ ජාලයේ, ආසියාවේ හයවැනි දීර්ඝතම ගුවන් ගමන බවට ශ්‍රී ලංකාව පත්වන බව එම සමාගම කියයි.

පෝලන්තයේ වෝර්සෝ සිට කොළඹ කටුනායක වෙත පැමිණෙන පළමු ගුවන් ගමනට පෝලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මාචෙයි ලන්ග්, ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකොවස්කි, ‘ලොට් පෝලිෂ්’ ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිලධාරී මයිකල් ෆිජොට්, සහ ආයතනික මාධ්‍ය ප්‍රකාශක මයිකල් ශර්නිකි යන මහත්වරු සහ පෝලන්ත රූ රැජින සහ ලොට් පෝෂිල් ගුවන් සහයිකා ඔල්ගා බුලාවා මහත්මිය ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

055