හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා කරන ලද සමස්ත වියදම පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේදී සියයට 47.9කින් ඇමෙරිකානු ඩොලර් මිලියන 49.5ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී පෞද්ගලික රථවාහන ආනයනය කිරීම සඳහා කරන ලද සම්පූර්ණ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් වන අතර අතර මේ වසරේ පළමු මාසයේදී ඒ වෙනුවෙන් කරන වියදම ඩොලර් මිලියන 49.5කි. ඒ අනුව එය සියයට 47.9ක අඩු වීමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව කියයි.
පසුගිය වසරේදී පෞද්ගලික රථවාහන ආනයන කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1,573.5ක වියදමක් දරා ඇතැයි ද එය 2017 වසර හා සැලකීමේදී සියයට 103.7ක වෙනසක් යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආනයන අඩු කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම හේතුවෙන් පෞද්ගලික මෝටර් රථ ආනයනය කිරීම සඳහා කෙරෙන වියදම කැපී පෙනෙන ලෙස අඩු වූයේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව එම ප්‍රවණතාව දක්නට ඇතැයි ද මහ බැංක-ුව පවසයි.