( තිළිණි ද සිල්වා )
මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ශනීය ස්ථාන 6000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය හඳුනාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය
දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මෙම ස්ථාන නව සංචාරක කලාප ලෙස හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය.
එම සංචාරක ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමටද අධිකාරිය කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.
ලබන මාසය පමණ වනවිට එම ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පල කරයි.
මහා මාර්ග, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන, වනජීවී සංස්කෘතික හා පලාත් පාලන යන අමාත්‍යංශ ඒකාබද්ධව මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
දැනට නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට ලෙස සංචාරක කලාප 07 ක් පවතින අතර , සංචාරක කලාප ලෙස ගැසට් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ශණයකින් සමන්විත තවත් කලාප ගනණාවක් දිවයින පුරා පිහිටා තිබෙන හෙයින් මෙම නව සංචාරක කලාප හදුන්වා දීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය අඩපණ වුවද , වසර 2025 වනවිට ඇමරිකන් ඩො.බිලියන 10ක ආදායමක් මෙරට සංචාරක කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දීම රජයේ ඉලක්කයක් බවත් ,ඊට ගතහැකි ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.