(නිමල කොඩිතුවක්කු)
රටේ ව්‍යාපාර සහ කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් බැංකු ණය පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
දැනට තැන්පත්කරුවන්ට දෙන පොළියට සීමා දැමීමට එහිදි සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිතිකරගෙන ජනතාව අමතමිනි.
කොළඹ අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කිය.
“මේ රටේ පොළී අනුපාත අඩු කරන්න ගත යුතු පියවර මොනවද කියා මහ බැංකු මූල්‍ය මණ්ඩලය, බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, ගණකාධීකාරී ආයතන නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ආර්ථික කටයුතු අමාතයාංශ නිලධාරින් සහ සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිස එක්ව සාකච්ඡා කළා.
ඒ ගැන දැනට වාර්තාවක් ද ලැබී තිබෙනවා. ඒ අනුව බැංකු ණය පොළී අනුපාත අඩු කිරිමට අප පියවර ගත්තා. දැනට තැන්පත්කරුවන්ට දෙන පොළියට සීමා දාන්න බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සළකන ආකාරයට වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහනට අනුව මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ නියෝග සියල්ලම එන සතියේදී නිකුත් කරනවා.
මින් අප බලාපොරොත්තුවන්නේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ණය බර අඩු කිරීමටයි. රටේ ණය වැඩිවෙනවා නම් ව්‍යාපාර දියණු කරන එක අසීරුවනවා.
පොළී අනුපාත අඩුකර ගැනීමට ගිය වසරේදීත් බලාපොරොත්තු වුණා. ගිය වසරේ අය වැයෙන් එය බලාපොරොත්තු වුණත් දින 52 අර්බුදය නිසා රටට ඩොලර් මිලිය දහසක් අහිමි වුණා. ඒ මුදල අහිමි වූ නිසා පහුගිය වසරේදී එය කරගන්න බැරි වුණා.
මේ අවුරුද්දේ ඒක කරන්න ශක්තිය තිබුණා. ඒ අනුව තමයි මේ පියවර ගත්තා. විශේෂයෙන්ම ආර්ථිකයේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් මේ වැඩ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දැන් මේ වැඩ කටයුත්ත කරන්න අවස්ථාව ලැබිලා. තව සති හයකින් පමණ නැවත හමුවී තවත් සංශෝධන අවශ්‍ය නම් ඒවාද කරනවා” යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.