බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ


(හර්ෂණ තුෂාර සිල්වා)
 
බිග්බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය අද (30) ආරම්භ විය. මෙවර වෙනස්ම අයුරකින් පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.
 
ඇන්ඩෘ යැප් හා ජැක්ලින් එන්ග් රටවල් රැසක පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ සම නිර්මාතෘවරුන් වන අතර ප්‍රෝරීඩ් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රි මහතා බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා හවුල්කරු ලෙස දීපක් මාධවන් මහතා කටයුතු කරයිග
 
ඒ අනුව මෙවර පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය ඔස්සේ අද (30) සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර ප්‍රදර්ශනයේ දී පොත් සඳහා 50%ත් 90%ත් අතර වට්ටම් ලබා දී ඇත. පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දින සියල්ලේදී ම පැය 24 ම මුළුල්ලේම පොත් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇත.
 
බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය මගින් ඇනවුම් කරන රු. 7.999 ක් දක්වා වන සෑම මිලදී ගැනීමක් සඳහාම පාඨකයන්ට ගෙවීමට සිදු වන්නේ රට අභ්‍යන්තර කුරියර් ගාස්තු පමණක් වීම ඔවුනට සැලසෙන මනා පහසුවකි. රුපියල් 8000 ට වැඩි මිලදී ගැනීම් සඳහා කිසිදු කුරියර් ගාස්තුවක් අය නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
 
වැඩිදුර විස්තර සඳහා http://www.bigbadwolfbooks.lk/, වෙබ් අඩවිය,  https://facebook.com/bbwbookssrilankaෆේස්බුක් පිටුව මෙන්ම https://www.instagram.com/bigbadwolfbooks_lk ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමද විවෘතය.