බෝග රැසක් ආනයනය සීමා කරයි


( තිළිණි ද සිල්වා )

 

ධාන්‍ය වර්ග ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව බඩ ඉරිඟු, කව්පි, මුංඇට, කුරක්කන්, තල, රටකජු, සෝයා බෝංචි හා බී ළුණු ඇතුළු බෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

එම බෝග ආනයනය සීමා කිරීම සඳහා ඉදිරියේ දී එම බෝග ආනයනය මත බදු ඉහළ දැමීම හෝ බලපත‍්‍ර නිකුත් කිරීම සීමා කරන බව ද වීරකෝන් මහතා කීය.