මත්තල මාර්තුවේ ඇරේ


මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  මෙහෙයුම් ලබන මාසයේ ආරම්භ කළ හැකි බව සිවිල් ගුවන් සේවා බලධරයෝ කියති.

ඔවුන් මේ බව සදහන් කළේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.

ගුවන්තොටුපළේ ඉදිකිරීම් සියයට 99 ක්ම අවසන් බවත් සියලූ පහසුකම් සමග එළැඹෙන මාර්තු 18 වැනිදා ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් බළධාරීහු මෙම හමුවේදී සදහන් කළහ.

දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සංවර්ධනයේ ප්‍රතිඵල ලබා දීම රජයේ අරමුණ බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය. ගුවන්තොටුපළේ සේවය කිරීමට අවශ්‍ය ශ්‍රමිකයින් මත්තල අවට ප්‍රදේශයෙන්ම සොයා ගන්නා ලෙසත් විශේෂයෙන්ම දක්ෂ තරුණයින්ට අවස්ථාව ලබා දෙන ලෙසත් රාජපක්ෂ මහතා උපදෙස් දුනනේය. මහා පරිමාණ සංවර්ධන කටයුතු වලදී රටේ සංස්කෘතියට හානි ගෙනදිය හැකිදේ නොකර සිටින ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

අක්කර 2000 ක භූමියක් පුරා ඉදිකෙරන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වර්ග මීටර 1000 කට ආසන්න ගබඩා පහසුකම් පවතින අතර වසරකට මෙට්‍රික්ටොන් 45,000 ක කන්ටේනර මෙහෙයවිමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.ගුවන්තොටේ ජාත්‍යන්තර හා දේශීය ගුවන් මෙහෙයුම් සිදුකෙරෙනු ඇති අතර දිය මත ගොඩබැස්විය හැකි යානා සදහාද පහසුකම් ඇති කැරේ.